Home
  • About
  • Testimonials
  • Awards & Honours
  • Book Reviews
  • Photo Gallery
  • Interviews
  • Public Comments
  • Contact

මෙම "පත්තර ගෙදර " වැඩසටහනේ අල්විස් මහතාගේ කුඩා කාලය, ළමා කාලය සහ ළමා කාලයේ ඔහු ජීවත් වූ ගැමි පරිසරය ආදී දේ ගැන හෙළිදරව් වේ. ඊට අමතරව ඔහු රාජකාරී කළ ස්ථාන එමෙන්ම විශ්‍රාම යාමෙන් පසු ලේඛන කලාවට වැඩි කාලයක් යොමු වූ ආකාරය ද කතා කර ඇත. අල්විස් මහතාගේ දරු මුණුබුරන් ගැනද මෙහි සඳහන් වේ.

මෙම "Talking Books " වැඩසටහනේ අල්විස් මහතා සමග සාකච්ඡා කරනු ලබන්නේ ඔහු විසින් පරිවර්තනය කරන ලද "ලංකාවේ පෘතුගීසි යුගය" කෘතිය ගැනය. මෙහි මුල් කෘතිය වන්නේ පෝල් ඊ. පීරිස් විද්වතාණන් විසින් රචිත "Ceylon -the -Portuguese Era "යන්නයි. අල්විස් මහතා විසින් පරිවර්තනය කළ "ලංකාවේ පෘතුගීසි යුගය" එම මුල් කෘතියේ දෙවන කොටසයි. එහි පළමු කොටස පරිවර්තනය කර ඇත්තේ අභය හේවාවසම් මහතා විසිනි. ඔහුගේ අභාවයෙන් පසු අල්විස් මහතා විසින් පරිවර්තනය කරන ලද මෙම කෘතිය ගැන ඉතා හර බර විග්රහයක් මෙම වැඩසටහනේ අන්තර්ගතව ඇත.

Copyright © 2022 www.premachandraalwis.lk. All rights reserved